2011/08/29

ජීවිතයේ අරුත


කොපමණ කලක්
ජීවත් වේද
මිනිසෙකු අවසන ?
දස දිනක් ජීවත් වේද ඔහු
නැතිනම් එකමෙක දිනක් පමණක් ?
සතියක්ද දිවි ගෙවන්නේ ඔහු
එසේ නැත්නම් සියවස් ගණනක් ?
කොපමණ කලක්
ගෙවන්නෙද
මිනිසෙකු මිය යමින් ?
සදහටම යන්නෙහි
අරුත කිම එසේනම් ?


-පැබ්ලෝ නෙරූදා (1904-1973)

3 comments:

  1. ස්තුතියි බෙදා ගත්තාට!
    නියමයි!

    ReplyDelete
  2. දස දිනක් හෝ එක දිනක්
    සතියක් හෝ සියවසක්
    එපමනක් නොව කල්පයක්
    මියෙමින් දිවි ගෙවූ මුත්...
    එක් සැනෙක, තත්පරයක
    සිතුවිල්ල - "කිමද මේ දිවියෙ අරුත"
    පහදයි ජීවිතයේ අරුමය

    ReplyDelete
  3. මජ්ඣිම නිකායෙන් අවසන් හුස්ම ගනිමි
    කියන්න,
    සියතින් ගෙල නැසූ කල
    විකල්පයක් නැතිද
    අගතියට පත් වීම මිස

    සුවඳ රෝස මල් හද ගවසා ගනිමි
    අවසන් ගාථාව කියමි
    මැටි පහන් දල්වනු බැරි හෙයිනි
    බෝ මැඩ වන්න පතමි
    අහෝ පැදකුණු කෙරුම නොදනිමි

    ReplyDelete

සෙවුම්