2015/04/04

මුදු හඬවල් වියැකී ගිය පසුව...



                                            
















  
මුදු හඬවල් වියැකී ගිය පසුව
මීයැසිය රැව්දේ මතකයේ
මිහිරි වයලට් මල් පරව ගිය විට
වොරැඳේ එහි සුගන්ධය සිහියේ

රෝස කුසුමන් මිලින වූ කල
පෙතිවලින් යහනත සැදෙයි 
ඔබ වෙන්ව ගිය පසුව, ඒ කල්පනා මත
අපගේ ආදරය සැතපෙයි














-පර්සි බිෂ් ෂෙලී (1792-1822)

2 comments:

  1. ගැඹුරු වින්දනයක් මවන සරල කවියක්. අගෙයි

    ReplyDelete
  2. ස්තූතියි තිලක අයියා. සරළ වැඩිද මන්දා?

    ReplyDelete

සෙවුම්