2015/11/08

අල්ප වූ මිනිසෙක්
























නිවි නිවී දැල්වෙන තාරකාවෝ
පතිත වෙත් මා නොගැඹුරු ළය මඬල මත
විල් ජලතලය මත දිලෙනා තාරකා පරිද්දෙන්

සිහිල්වට හමන මඳ මුදු සුළඟ
සිඟිති රළ නංවයි එක පිට එක
මා ළය මඬල සිසාරා

මා පයට පෑගෙන අඳුරු වූ තණපත්
දොළ පහරක රැඳි තණපත් පරිද්දෙන්
මා දෙසට දිය බිඳු විසුරුවන විලාසෙකි

තවදුරටත් මම මා නොවී
මේ සියලු දේ බවට පත්වීම
අහා මිහිරිය ඉදින්
මන්දයත් මා කෙරෙහි මා
විඩාවට පත්වී ඇති හෙයින් !















-ඩී.එච්. ලෝරන්ස් (1885-1930)

චිත්‍රය: ක්ලෝඩ් මොනේ

6 comments:

  1. ස්තූති නිලූක මේ පරිවර්තනයටත්. වෙනත් බාශාවකින් කවි කියවිය නොහැකි බ්ලොග් කියවන්නන්ට මෙය බොහොම වටින දෙයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන් ඔබේ දිරිගැන්වීමට.

      Delete
  2. දැං කතා පරිවර්තනය කරන්න වෙලාවක් නැද්ද නිලූක... හුග දවසකින් කතාවක් කියෙව්වේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. කවියක් වුණත් පරිවර්තනය කරන්න වෙලාව හොයාගන්නේ අමාරුවෙන් දේශක. කතාවක් පරිවර්තනය කරන්න සෑහෙන කාලයක් ගතවෙනවා. :-)

      Delete
  3. අපි අපි ගැනම විඩාවට පත් වූ විට තව දුරටත් අපි අපිම නොවී පරිසරයේ අනෙක් දේවල් සමගින් අනුවර්තනය වීම ඒ විඩාවෙන් මිදෙන්න හොඳ විකල්පයක්ද වේද?

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳ ප්‍රශ්නයක් මනෝජ්. :-)

      Delete

සෙවුම්